චිත්‍රපටය නම “ඇඩ්‍රස් නෑ“..ජැකා කියන විදියට මේක රස්තියාදුකාර වචනයක් වුනාට මේ නිර්මාණය මෙරට රස්තියාදුකාර සිනමාව ආයි වතාවක් හරිපාරේ යවාවී.මේ චිත්‍රපටයේ වස්තු විෂය වෙන්නේ,අම්මෙක් අප්පෙක් නැති,අතීතයක් අනාගතයක් නැතී,හරි හමන් කෑමක් බීමක් නැති,ඇඳුමක් පැළදුමක් නැති,කොටින්ම කියනවා නම් ඇඩ්‍රස් නැති මිනිසුන්ගේ ජීවිතයයි.මේ චිත්‍රපටයට ඇත්තටම කලා ලෝකයේ වැඩ්ඩන් යැයි සම්මත ගොඩාක් දෙනෙක් දායකත්වය සපයනවා.මහේන්ද්‍ර,කමල්,සබීතා,රෝෂාන්,බිමල්,චන්න දේශප්‍රිය,සුනිල් ආරියරත්න,රෝහණ වීරසිංහ,ප්‍රවීන් ජයරත්න,නිරෝෂා,ගයාන් පෙරේරා…මේ වගේ අපුරු මිනිසුන් කණ්ඩායමකගේ සාමුහික ප්‍රයත්නයක් තමයි මේ.මේ චිත්‍රපටයට බර පැන දරලා තියෙන්නේ ජනිත…ජනිත මාරසිංහ.