Challenges-චැලෙන්ජර්ස් (2011) සම්පුර්ණ චිත්‍රපටය

චැලෙන්ජර්ස් සිනමා සිත්තම,කලාත්මක සිනමාව මෙන්ම ජනප්‍රිය සිනමාවේ හිනි පෙත්තටම නැගි ප්‍රතිභාපුර්ණ අධ්‍යක්ෂකවරයෙකු වන උදයකාන්ත වර්ණසුරියගේ තවත් එක් දැවැන්ත සිනමා පිවිසුමකි.තරුණයන් වෙනුවෙන් නිර්මාණය වු චිත්‍රපට අතර චැලෙන්ජර්ස් චිත්‍රපටය පෙරමුණේ පසුවන්නේ එහි අඩංගු සරල වින්දනාත්මක ස්වරූපය නිසාවෙනි.පිය පුතු සබදතාවක මිහිරියාව විදහාදක්වන මෙම නිර්මාණය සුපිරි දර්ශන තල,ත්‍රාසජනක සටන්,මනරම් ගීත වැනි වාණිජ සිනමාවේ සියලුම අංගෝපාංගයන්ගෙන් සමන්විත වේ.
අපුර්ව කතා තේමාවක් රැගත් මෙම චිත්‍රපටයේ රංගන කාර්යය ලකී ඩයස්,වසන්ති චතුරානි,සංගීතා වීරරත්න වැනි ප්‍රවීනයන්ගෙන් මෙන්ම පුබුදු චතුරංග,ශේෂාද්‍රි ප්‍රියසාද් පීරිස්,රොෂාන් රණවන වැනි නව පරපුරේ තරු රැසකගෙන්ම හැඩගැන්වී ඇත.මෙහි කතාව,තිර රචනය,නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය උදයකාන්ත වර්ණසුරියගෙනි.
නිෂ්පාදන සහයෙන් දීපා ප්‍රනාන්දු සහ රමණි ප්‍රනාන්දු ද කැමරාකරණයෙන් ජයනාත් ගුණවර්ධන ද සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න ද නිෂ්පාදන කළමනාකරණයෙන් අ‍ශෝක ආරියරත්න දායක වන අතර සහය අධ්‍යක්ෂණ කටයුතු සිදු කරනු ලබන්නේ ඩොනල්ඩ් ජයන්ත විසිනි.පුරා පැය කිහිපයක් මුළුල්ලේ සුපිරි සිනමාත්මක අත්දැකීමක් කරා ඔබව ගෙන යන මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය මංජුල අයගම ද වේෂ නිරූපණය ඉන්දික උදාර තෙන්නකෝන් ද නැටුම් ශාන් පෙරේරා ද සිදු කරයි.පසුබිම් සංගීතය සායි ගුරුනාත් ගෙනි.