Flying Fish-ඉගිලෙන මාළුවෝ (2011) සම්පුර්ණ චිත්‍රපටය

තරුණ චිත‍්‍රපට අධ්‍යක්ෂවරයකු වන සංජීව පුෂ්පකුමාරගේ නවතම චිත්‍රපටයි “ඉගිලෙන මාළුවෝ”/ Flying Fish. උතුරේ යුද්ධයේ අමිහිරි හා ඛේදජනක අත්දැකීම් මාලාවක් වටා ගෙතී ඇති ඉගිලෙන මාළුවෝ චිත්‍රපටය සඳහා චමින්ද සම්පත්, ජයවීර, රත්නායක මාරසිංහ, සිත්තී මේරියම්, සංජීව දිසානායක, සුමති සිවමෝහන් සහ කෞශල්‍යා ප‍්‍රනාන්දු යන නළු නිළියන් රංඟනයෙන් දායක වී ඇත.
සංජීව විසින් අධ්‍යක්ෂණය කළ ප‍්‍රථම චිත‍්‍රපටය මෙය වන අතර මේ වෙනුවෙන් පසුගියදා රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් ජාත්‍යන්තර  සිනමා උළෙලේ දී නව කලාපීය අංශයේ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය දිනාගැනීමටද ඔහු සමත් විය.