අපේ සිනමාවට යළි වසන්තය උදා කරමින් ඇක්ෂක් කැටගරියට අයත් සිනමාපටයක් මේ දිනවල ඊ.ඒ.පී මණ්ඩලයට අයත් සිනමාශාලාවන්හි තිරගත කීරිම ආරම්භ කර තිබේ.හුඟ කාලේක පටන් අපේ සිනමාවේ දකින්න නොලැබුණු සටන් ජවනිකා සිත් ඇඳගන්න සුළු ගීත ජවනිකා වලින් අඩංගු මෙම සිනමාපටය නමින් ප්‍රවේගය නම් වේ.හේමාල් රණසිංහ සිංහල සිනමාවේ වීරයා කරමින් දිගහැරෙන ප්‍රවේගය මින් ප්‍රථම සුපර් සික්ස් හි නිෂ්පාදක වු සදේෂ් කුමාර්ගේ නිෂ්පාදනයක් වෙනවා.ඉන්දියානු සිනමා අධ්‍යක්ෂකවරයෙක් වු සරෝව් සහ ප්‍රවීණ සහය අධ්‍යක්ෂකවරයෙක් වු ඩොනල්ඩ් ජයන්තගේ අධ්‍යක්ෂණයෙන් හැඩ වු මෙම ක්‍රියාදාම සිනමාපටය මෙරට සිනමාවට නවක සිනමා නිළියක් ද තිළිණ කරනවා.තලඑළලු සමකින් සහ සුන්දර සිනහාවකින් නිතරම මුව සරසාගෙන ඉන්න මේ හුරුබුහුටි කෙල්ල ප්‍රවේගය නිර්මාණකරුවන්ගේ හොද සොයා ගැනීමක් වනවා.ජැක්සන් ඇන්තනී,පුබුදු චතුරංග,මහේන්ද්‍ර පෙරේරා,දමිතා අබේරත්න,ගජන් කනේෂන්,ජයලත් මනෝරත්න,ශ්‍රීයන්ත මෙන්ඩිස්,රන්ජන් රාමනායක,මොරින් චාරුණී,භාග්‍යා ගුරුසිංහ සහ සනත් ගුණතිලක ඇතුළු දැවැන්ත නළු නිළි කැලක් මෙහි රංඟනයෙන් දායක වෙනවා.
වෙට්ට්‍රිමාරන් නම් දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයා ගේ නිර්මාණයක් වු ධනුෂ්ගේ රංගනයෙන් හැඩ වු පොල්ලාදවන් සිනමාපටයේ නැවත නිර්මාණයක් වු ප්‍රවේගයේ සිංහල පිටපත මහේෂ රත්සර මද්දුමආරච්චි විසින් නිර්මාණය කරන ලදී.මෙහි සංගීතය සිදුකරන ලද්දේ භාතිය සහ සන්තුෂ් විසිනි.
කතා සාරාංශය
මෙහි කතාව ගලායන්නේ නාගරික සමාජයක ජිවත්වෙන තරුණයෙකු වටායි.ඔහුත් බොහෝ තරුණයන් ගත කරන නන්නත්තාර ජිවිතයක් ගත කරමින් ගෙදරට බරක් වෙමින් ජිවත් වෙයි.සාම්ප්‍රදායික ටයිම් පාස් යාලුවන්,කිසිකලෙක සෙට් නොවන කෙල්ලෙක්,ප්‍රශ්න වලින් ගහන ගෙදරක් මොහුගේ වටේ තියෙන ප්‍රශ්න වලින් කිහිපයකි.මේ අයුරින් ඉන්නා තරුණයින්ට වැඩි කාලයක් නිදහසේ ඉන්න ලැබෙන්නේ නැත.නැවතවතාවක් ගෙදරත්,ඔහුගේ අනාගතයත් අතර ප්‍රශ්ණයකට මේ නන්නත්තාර තරුණයා මැදි වී තම පියා සමඟ ආරවුලක් ඇති කරගන්නේ තම අනාගතය වෙනුවෙන් පියාගෙන් ලක්ෂ දෙකක් වැනි මුදලක් ද ලබා ගෙනය.ඉතා අමාරුවෙන් එකතු කර ගත් මුදලක් තම පුතුට ලබා දෙන පියා මෙය ලබා දෙන්නේ ඔහු තම අනාගතය සදා ගනී වී යැයි තිර විශ්වාසයකිනි.එහෙත් සිදුවන්නේ වෙනත් දෙයකි…මේ විසේකාර තරුණයා මේ මුලු මුදලම වියදම් කර කරන්නේ වෙනත් දෙයක් වෙනුවෙනි.ඔහු තම හීනය වු මොටර් සයිකලයක් මිලදී ගැනීම වෙනුවෙන් මේ මුලු මුදලම වැය කරන්නේ දෙපාරක් නොසිතායි