ත්‍රිමාණ සජීවිකරණ සිනමා නිර්මාණ අතරේ ශ්‍රී ලාංකේය අර්ථනිරුපණයක් සැපයීමට බිහිවු සිනමා සිතුවමකි රන් කෙවිට 2.ශ්‍රි ලාංකේය ජන සාහිත්‍යයේ එන මනඃකල්පිත චරිතයක් වු ගොපලු යකා නම් අත්භුත සත්ත්වයෙක් හා කුඩා ළමුන් දෙදෙනෙකුගේ අපුරු ක්‍රියාකාරකම් රැසක් වටා ගෙතී ඇති මෙම චිත්‍රපටය රන් කෙවිට පළමු චිත්‍රපටයේම දිගුවකි.පෙර චිත්‍රපටයේ සිටි ගොපලු ගේ චරිතය එහි වු කුඩා ළමුන් දෙදෙනාගේ මිතුරෙකු ලෙස මේ චිත්‍රපටයේ පෙනීසිටීම මෙහි වු සුවිශේෂි කරුණකි.
ආනන්ද වික්‍රමගේ, සුසන්තා චන්ද්‍රමාලි, බෙනට් රත්නායක, කුමාර තිරිමාදුර, ඉෂාම් සම්සුදීන්, හරිත් සමරසිංහ, දමිතා සළුවඩන, මධුශානි ජනත්රීන්, අසේල ජයකොඩි, දොන් ගයි, සමන් හේමරත්න, ආනන්ද අතුකෝරාල, ජනේශ් සිල්වා, චතුර පෙරේරා ගේ රංඟනයෙන් හැඩ වු රන් කෙවිට සිනමා පටය උදයකාන්ත වරණසූරියගේ අධ්‍යක්ෂණයකි.
ත්‍රිමාණ සජීවිකරණයෙන් තිලංක පෙරේරා, අනලි පෙරේරා, සිද්ධාර්ථ නයනානන්ද දායක වු මෙම චිත්‍රපටය මිලේනියම් එන්ටර්ටේන්මන්ට් වෙනුවෙන් රංජිත් ජයසුරිය, ප්‍රවීන් ජයරත්න, ජනිත මාරසිංහ සහ උදයකාන්ත වරණසූරියගේ නිෂ්පාදනයකි
කැමරා අධ්‍යක්ෂණය, සංස්කරණය සහ ශබ්ද පරිපාලනය ප්‍රවීන් ජයරත්නගෙනි
(උපුටා ගැනීම _ cinema.lk)