චන්න පෙරේරා, චයිත්‍රා චන්ද්‍රනාත්, සනත් ගුණතිලක, අයිරාංගනී සේරසිංහ, හේමසිරි ලියනගේ, නිහාල් ප්‍රනාන්දු, ගුණදාස මධුරසිංහ, සමන් අල්මේදා, සඳුන් විජේසිරි, ටී. එම්. අබේරත්න, ඩී. බී. ගංගොඩතැන්න ආදීහු මෙහි රඟති.
සහාය අධ්‍යක්ෂණයෙන් ඩොනල්ඩ් ජයන්ත ද, කැමරා අධ්‍යක්ෂණයෙන් ප්‍රභාත් රෝෂන් ද, සංගීත අධ්‍යක්ෂණයෙන්, රෝහණ වීරසිංහ ද, අංග රචනයෙන් සමීර මධු කිඳෙල්පිටිය ද, නිෂ්පාදන කළමනාකරණයෙන් ගුණතිලක රණවක ද, සටන් අධ්‍යක්ෂණයෙන් ටෙඩී විද්‍යාලංකාර ද, ගී පද රචනයෙන් වසන්ත කුමාර කොබවක සහ සුනිල් විමලවීර ද, ගැයුමින් උරේෂා රවිහාරි සහ උදය ශ්‍රී වික්‍රමසිංහ ද මෙයට එක්වෙති.
සුනේත්‍රා බාලසූරිය, පර්ලි විජේසිංහ සහ හර්ෂ ගමඇතිගේ එක්ව මෙය නිෂ්පාදනය කරති.
